සචින් තෙන්ඩුල්කාර්ට COVID-19

කොරෝනා වැළඳුණු තෙන්ඩුල්කාර්ගේ ට්විටර් පණිවුඩය..

by Chathurika Jayasundara 27-03-2021 | 9:34 PM

COLOMBO (News 1st) –  හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , සිදු කළ පරීක්ෂණයකදී තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව තෙන්ඩුල්කාර්ට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ය. මේ අතර තෙන්ඩුල්කාර් සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , තමන් සිය නිවසේදී නිරෝධායනය වන බවත් පවුලේ අනෙක් සාමාජිකයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවයි. https://twitter.com/sachin_rt/status/1375670454162239493?s=20