ආරක්ෂිත වී තොග වෙළෙඳපොළට මුදාහැරීමට තීරණයක්

ආරක්ෂිත වී තොග වහාම සහල් කොට වෙළෙඳපොළට මුදාහැරීමට තීරණයක්

by Staff writer 27-03-2021 | 8:15 AM

COLOMBO (News 1st) - වී අලෙවි මණ්ඩලය සතු ආරක්ෂිත වී තොග වහාම සහල් කොට වෙළෙඳපොළට මුදාහැරීමට තීරණය කර තිබේ.

වී අලෙවි මණ්ඩලයේ උපසභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, ඒ අනුව උත්සව සමයේ නාඩු හාල් කිලෝග්‍රෑමයක් රුපියල් 96 කට සුදු හා රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 93 කට ද පාරිභෝගිකයාට ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි. ඉදිරි දින කිහිපයේ දැනට පවතින සහල් මිල පහළ යනු ඇතැයි ද නියෝජ්‍ය සභාපතිවරයා පැවසුවේ ය.