විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විශේෂ දැනුම් දීමක්

ගෙවීමේ හැකියාවක් නොමැති විදෙස්ගත ශ්‍රමිකයින්ට නොමිලේ නිරෝධායන පහසුකම්

by Staff writer 27-03-2021 | 1:38 PM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ගෙවීමේ හැකියාවක් නොමැති සියලු ශ්‍රමිකයින් නොමිලේ නිරෝධානය කිරීමට රජය තීරණය කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, ඒ සඳහා හෝටල් 15ක කාමර 800 ක් වෙන් කරගෙන ඇති බවයි. මේ වනවිට දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් සංඛ්‍යාව 35,000 කට ආසන්න වේ. මංගල රන්දෙනිය මහතා පැවසුවේ, ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම වැඩපිළිවෙළේ අරමුණ බවය.