සිරස TV සුමති සම්මාන රැසකින් පිදුම් ලබයි

25 වැනි සුමති සම්මාන උළෙල: සිරස TV සම්මාන රැසකින් පිදුම් ලබයි

by Staff writer 26-03-2021 | 10:04 PM

COLOMBO (News 1st) –  25 වැනි සුමති සම්මාන උළෙලේදී සිරස ටී.වී. සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ය.

සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ, අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එහිදී සිරස ලක්ෂති වෙනුවෙන් චන්දන සුරියබණ්ඩාර මහතාට ජූරියේ විශේෂ සම්මානය හිමි විය. හොදම රූපවාහිනී සඟරාමය වැඩසටහන ලෙස සිරස ටී.වී. විකාශය කළ Now Showing වැඩසටහන වෙනුවෙන් සම්මානය දිනා ගත්තේ ඉනෝකා ප්‍රේමවර්ධනයි. හොඳම ටෙලි නාට්‍ය ගායනය ලෙස සිරස ටී.වී. හි විකාශය වූ සක්කාරං නාට්‍යයේ අරුමැසි ආදරේ ගීතය වෙනුවෙන් දුමාල් වර්ණකුලසූරිය සම්මානයට පාත්‍ර විය. සරත් චන්ද්‍රසිරි මහතාගේ අඩෝ නාට්‍ය වෙනුවෙන් සුමති සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ද හිමි විය.