COLOMBO (News 1st) - යාපනය නගරයේ වීදි 02ක් හුදෙකලා(Lockdown) කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 70 දෙනෙකු වාර්තා වීම හේතුවෙනි.
ඒ අනුව යාපනය නගරයේ කස්තුරි පාර, පවර්හවුස් පාර, කන්කසන්තුරේ මාර්ගයේ මනිපායි මංසන්ධිය දක්වා වූ මාර්ගවල කොටස් කිහිපයක් වසා දමා තිබේ.
