COLOMBO (News 1st) - අද අනුරාධපුර, මහවිලච්චිය යාය 6 ට අද විශේෂ දවසකි.
ඒ, එම ගම සංවර්ධනය කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB) සහ ගම්මැද්ද අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම නිසයි.
අද පස්වරුවේ කොල්ලුපිටියේදී මෙලෙස ගිවිසුම්ගත වුණේ, අනුරාධපුර , මහවිලච්චිය යාය 6 ගම්මානයේ ව්‍යාපෘති 6 ක් කඩිනමින් ආරම්භ කිරීම සඳහා ය.
හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා සහ කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ , ශෙවාන් ඩැනියෙල් මහතා ගිවිසුම හුවමාරු කර ගත්තේ ය.
මහවිලච්චිය යාය 6 -සවිය- සංවිධානයේ නියෝජිතයින් ද , HNB ක්ලබ්හි විශේෂ ආරාධිතයින් මෙන්ම ගම්මැද්ද සාමාජිකයින් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
එම ගම්මානයේ ජනතාව වෙනුවෙන් පානීය ජලය, වැව පිළිසකර කිරීම, පිවිසුම් මාර්ගය සකස් කර දීම, පාසලට අවශ්‍ය පහසුකම් සැපයීම, රජමහා විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රජා ශාලාවක් ඉදි කිරීම, අදාළ ව්‍යාපෘති 6ට ඇතුළත් ය.
හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී, කළමනාකාර අධ්‍යක්ෂ ජොනතන් අලස් මහතා එහිදී මෙසේ සඳහන් කළේය.
"මේ ව්‍යාපෘතිය නිසා අපිට ඇත්තෙන්ම ලොකු වටිනාකමක් තියන ගමකට පරිත්‍යාගශීලි වෙලා, පුළුවන් වෙලා තියෙනවා . අපේ වෙලාවට අපේ ප්‍රයත්නයට හා සම්පත්වලට අගයක් දෙන්න. මේ වගේ දෙයකට සම්බන්ධ වීමම ආශීර්වාදයක්"
ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂිකා සවුන්දරී ඩේවිඩ් මහත්මිය නිර්මාණය කළ ගීයක් ද මෙහිදී එළිදැක්විය.
https://www.youtube.com/watch?v=fFeiUauzuUU