COLOMBO (News 1st) : නව උපාය මාර්ගයක් වෙනුවෙන් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක නිරත වූ බව, උතුරු කොරියාව පිළිගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියාව පවසන්නේ නැගෙනහිර වෙරළට කිලෝමීටර 600 ක් දුරින් පැවති ඉලක්කයකට ප්‍රහාර එල්ල කළ බවයි.
එම මිසයිල පද්ධතියේ දියුණුව රට තුළ හමුදා බලය වැඩි කිරීමට මෙන්ම සියලු ආරක්ෂක තර්ජන වළක්වා ගැනීමට වැදගත් යැයි, උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
වසරකට පසු උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය ටොන් 2.5 ක බරකින් සමන්විතයි.
ඉන්, න්‍යෂ්ටික යුද නෞකාවක් පවා රැගෙන යා හැකි බව, විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
උතුරු කොරියාව අදාළ අත්හදා බැලීම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා යටතේ මිසයිල අත්හදා බැලීම් තහනම් කර ඇති පසුබිමකදීයී.
මේ අතර න්‍යෂ්ටික සාකච්ඡා සඳහා යළි එක්වන්නැයි, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරස්, උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කර තිබේ.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, කොරියානු අර්ධ ද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් උතුරු කොරියාව කැප විය යුතු බවයි.
පෙර පුවතට පිවිසෙන්න....