by Staff writer 26-03-2021 | 4:50 PM
COLOMBO (News 1st) – වෙළෙඳපොළේ ඇති පොල් තෙල්වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ , ඒ අනුව පොල් තෙල් සාම්පල ලබා ගැනීම ආරම්භ කර ඇති බවය.
කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ලබාගත් පොල් තෙල් සාම්පල මේ වනවිටත් පරීක්ෂණාගාර වෙත යොමු කර ඇති බව එම අධිකාරිය පැවසුවේ ය.
සෙසු දිස්ත්‍රික්කවල සම්පල ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම සාම්පල පරීක්ෂාගාර වෙත යොමු කිරීම ඉදිරි දින කිහිපයේ සිදු කිරිමට නියමිත බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.