වැඩිම  කොරෝනා  ආසාදිතයින් පිරිස යාපනෙන්

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

by Sagarika Chathumali 26-03-2021 | 3:36 PM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 27 1 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 20 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි 251 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. මේ අතරින් වැඩිම ආසාදිතයින් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 77 කි. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් 64 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 ක් ලෙස වාර්තා වී ඇත. ආසාදිතයින් 87, 881 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2854 ක් පමණි. කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 557 ක් දක්වා ඉහළ ගියේ ය. එලෙස මියගොස් ඇත්තේ, පස්සර, නිරිඇල්ල සහ නුවර ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 8,638 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (25) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 9,697 කි. මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ද මෙරටදී සාර්ථකව ක්‍රියාත්මක අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 13382දෙනෙකුට එන්නත්කරණය සිදු කර ඇති අතර ඒ අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛාව ද 869,709 ක් දක්වා ඉහළ යනු ඇති.