අප්‍රේල් 21ප්‍රහාරය: විවාදයට තවත් දිනයක්

අප්‍රේල් 21ප්‍රහාරය: කොමිෂන් වාර්තාව ගැන විවාදයට තවත් දිනයක්

by Staff writer 26-03-2021 | 7:13 AM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය සඳහා දැනට ලබාදී ඇති දින තුනට අමතරව තවත් දිනයක් ලබා දීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය හිමි විය.

ඒ අනුව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ තුන්වැනි දිනයටත් අද පැවැත්වේ. අද පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා කල් තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති. තව ද දේශපාලන පළිගැනීම් පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ද ලබන මස 8 සහ 9 දෙදින තුළ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය හිමි විය.