වසර 5 ට වැඩි ලංගම සේවකයින්ට ස්ථිර පත්වීම්..

වසර 5 ට වැඩි ලංගම සේවකයින්ට ස්ථිර පත්වීම්..

by Staff writer 25-03-2021 | 6:51 PM

COLOMBO (News 1st) :  ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත වසර 5 කට වැඩි කාලයක් සේවය කරන සියලු සේවකයින් ස්ථිර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ , පාර්ලිමේන්තුවේ ප්‍රවාහන කටයුතු පිළිබද උපදේශන කාරක සභාවට එක්වෙමින් ය. නවීන රථවාහනවල පවතින අධිතාක්ෂණික උපාංග පිළිබද රාජ්‍ය ආයතනවල රියැදුරන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට උපදේශක කාරක සභාවේදී යෝජනා විය. රියැදුරන්ගේ නොදැනුවත් බව හේතුවෙන් නවීන වාහනවල තත්ත්වය ඉතා කෙටි කලකින් විනාශයට පත්වන බව මෙහිදී උපදේශන කාරක සභාවේ මන්ත්‍රිවරුන් පෙන්වා දී තිබේ.