ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන වාර්තාවක් ඉල්ලයි

රාජ්‍ය ගිණුම් කාරක සභාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

by Staff writer 25-03-2021 | 9:31 AM

COLMBO (News 1st) - දැනට කෙටුම්පත් කරමින් පවතින නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර තිබේ.

කාරක සභාව මෙහිදී නිර්දේශ කළේ, අධ්‍යාපන ක්‍රමය ජාතික සංවර්ධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය කොටසක් වන බැවින් වේගවත් සංවර්ධනයක් සඳහා පාසල් අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති කඩිනමින් සංශෝධනය විය යුතු බවය. ඒ අනුව ලබන මැයි මාසය වනවිට අදාළ වාර්තාව ‍රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත යොමු කරන්නැයි දැනුම් දුන්නේ ය. මේ අතර නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී විශ්වවිද්‍යාල පද්ධතියේ සිදු වන නවක වදය තුරන් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නැයි මෙහිදි විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඉල්ලීමක් කර තිබේ. කලා උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය 50ක් ඉක්මවා තිබිම මෙහිදි රාජ්‍ය ගිණුම් කාරක සභවේ විශේෂ අවධානයට යොමු වුණා. රාජ්‍ය ගිණුම් කාරක සභාව පෙන්වා දුන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල තුළ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසි ඉගැන්වීම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙසයි.