by Sagarika Chathumali 25-03-2021 | 12:33 PM
COLOMBO (News 1st) : උතුරු කොරියාව ජපානයට ඔබ්බෙන් වූ මුහුදේදී නව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදාබලා ඇතැයි, ජපානය සහ අමෙරිකාව පවසයි.
ජෝ බයිඩ්න් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලූ පළමු අවස්ථාව මෙයයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජපානය සහ දකුණු කොරියාව උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම දැඩිව හෙළා දැක ඇති බවයි.
ජපානය පැවසුවේ, උතුරු කොරියාව එරට වේලාවෙන් උදෑසන 7 ට අත්හදා බැලූ මෙම මිසයිල දෙක කිලෝ මීටර් 420ක් සහ 430ක් ලෙස ඉහළට ගොස් මුහුදට පතිත වී ඇති නමුත් සිය මුහුදු කලාපයට කිසිදු සුන්බුන් කොටසක් වැටී නොමැති බවයි.
මේ අතර ආසියා-පැසිෆික් කලාපයේ හමුදා බලකායන් අධීක්ෂණය කරන එක්සත් ජනපද පැසිෆික් අණදෙන නිලධාරියා පැවසුවේ, මෙම පරීක්ෂණයෙන් උතුරු කොරියාවේ නීති විරෝධී ආයුධ වැඩසටහන අසල්වැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඇති තර්ජනය ඉස්මතු කර ඇති බවයි.
කෙසේ වෙතත් අමෙරිකානූ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිකාර දක්වා නොමැත .
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුව තර්ජනාත්මක ආයුධ ලෙස සැලකෙන බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම තහනම් වේ.