ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි..

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි..

by Staff writer 25-03-2021 | 9:28 AM

COLOMBO (News 1st) - සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.