.webp)
? විදුහල්පතිනියට දුරකතන ඇමතුමක්....
ඉකුත් මස 28 වනදා පෙරවරුවේ කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු විජයාරාම විද්‍යාලයේ විදුහල්පතිනියට දුරකතන ඇමතුමක් දී වහාම පාසලට පැමිණෙන ලෙස දන්වා තිබිණ. එහිදී විදුහල්පතිවරිය පවසා තිබුණේ, තමා විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරියක නිරතව සිටින බැවින් තමාට පැමිණිය නොහැකි බවයි. එහිදී නාගරික මන්ත්‍රීවරයා පාසලේ ගේට්ටුවේ යතුර තමා වෙත එවන ලෙස දන්වා තිබුණ ද එහිදී විදුහල්පතිනිය ඊට එකඟ වී නොතිබිණ. අනතුරුව නාගරික මන්ත්‍රීවරයා එදිනම පාසලේ ගේට්ටුවේ ඉබි යතුරු කඩා මෙම පාසලට ඇතුළුවී ඇති බව හෙළි වන්නේ, විදුහල්පතිවරිය මිරිහාන පොලීසිය හමුවේ ගොනු කළ පැමිණිල්ලට අනුවයි. රජයේ ස්ථානයක් වන පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීම යනු දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් පසුගිය සතියේ අප මෙම ප්‍රවෘත්තිය විකාශය කරන තුරු මිරිහාන පොලීසිය පැමිණිල්ල විභාග කර නොතිබිණ.? මන්ත්‍රී මදුර විතානගේ ප්‍රතිචාර දක්වයි
''ඊයේ මම දැක්කා සිරස ප්‍රවෘත්ති විකාශනයේ දී කෝට්ටේ ආසනයේ පාසලක ගැටලුවක් පිළිබදව ප්‍රවෘත්තියක් පළ කරනවා. විශේෂයෙන්ම මේ විජයරාම විද්‍යාලය ඉතාමත්ම අභාවයට ගිහිල්ලා තියන , නඩත්තු කරලා නැති, ඉතාමත්ම අඩු දරුවෝ සංඛ්‍යාවක් සිටින පාසලක් විදියට තමයි අපි හදුනගත්තේ. කෝට්ටේ ඒ වගේ පාසල් කිහිපයක් තියනවා. සාමාන්‍යයෙන් රටේ දරුවෝ 100ට අඩු පාසල් තියනවා 2800ක පමණ ප්‍රමාණයක්. අපි කෝට්ටේ ප්‍රදේශයේත් ඒ වගේ විදුහල් කිහිපයක් හදුනගෙන දැන් ඒ විදුහල් ටික සංවර්ධනය කරන්න මම කටයුතු කරලා තියනවා. මම ප්‍රදේශයේ සංවර්ධන කමිටු සභාපති විදියට මගේ ප්‍රදේශය නියෝජනය කරන සමහර මන්ත්‍රීතුමන්ලා, නාගරික මන්ත්‍රීතුමන්ලා මගෙන් ඉල්ලීම් කළා, ඒ වගේම ජනතාව මගෙන් ඉල්ලීම් කරලා තියනවා. ඒ කරපු ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට තමයි මම පාසල දියුණු කරන්න කටයුතු කළේ. ඇත්තටම බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා, අධ්‍යාපන අමාත්‍යතුමා, සුසිල් ප්‍රෙමජයන්ත මහතා විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරන ඇමති විදියට කමිටුවක් විදියට මේ මගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් දක්වලා තියෙන්නේ. කෝට්ටේ ප්‍රදේශයේ අධ්‍යාපන අධක්ෂකතුමිය මේ විදුහල ජාතික පාසලක් විදියට පවරා ගැනීමට එතුමියගේ නිර්දේශයත් මේ පාසලට යොමු කරලා තියනවා. ඒ අනුව අපි කල්පනා කරා දිවයිනේ ජනප්‍රිය පාසලක් සමග මේ පාසල සම්බන්ධ කරන්න, මොකද මේ පාසලට විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් තියනවා, ඒ වගේම ලොකු ක්‍රීඩා පිටියක් තියනවා, හොද පරිසරයක පිහිටා තිබෙනවා. මේ පැහැදිලි කිරීමට අමතරව මම දැක්කා ඒ ප්‍රවෘත්තියේ පලවෙනවා ධම්මික පෙරේරා මහතා සහ දිලිත් ජයවීර මැතිතුමා එම විදුහලට පැමිණියා සහ අපි ගේට්ටුවක් කඩාගෙන ඇතුලු වුනා කියලා. ඇත්තටම ඒක අමූලික බොරුවක්. අපි විදුහල්පතිතුමියට දැනුම් දීලා එතුමිය විනාඩි 10කින් එනවා කිව්වට පස්සේ තමයි අපි එතනට ගියේ. මට පැවරී ඇති වගකීම් අනුව මේ පාසල දියුණු කිරීම අත්‍යාවශ්‍යයි. ඒ නිසා අපි බාහිර සම්පත්දායකයින්ගෙන් ඒ සම්බන්ධයෙන් සම්පත් ලබාගන්න අපේක්ෂා කළේ.''සීමාසහිත පරම විඥානාර්ථ සමාගම විසින් 1943 වසරේදී ආරම්භ කරන නුගේගොඩ විජයරාම මහා විද්‍යාලය රජයට පවරා ගැනීම සිදු වන්නේ, 1963 වසරේදී ය. අද වනවිට මෙහි ඉගනුම ලබන්නේ සිසුසන් 71 දෙනෙකු පමණයි. කෙසේ වෙතත් මෙහි තිබෙන ගොඩනැගිලි පහසුකම්වලටත් වඩා සුවිශේෂි වනුයේ එහි තුරු වියනයි. සාමාන්‍යයෙන් වනාන්තරවලදී දැකිය හැකි ශාක විශේෂ මෙහි තිබෙනවා පමණක් නොව, දැවමය වටිනාකමිකින් යුතු දැවන්ත ශාක රැසක් මෙහි දැක ගත හැකියි. එමෙන්ම ප්‍රදේශයේ ඉඩම්වල තිබෙන වෙළෙඳපොළ වටිනාකම අනුව මේ පාසල සතු අක්කර හතර හමාරක භූමිය යනු රුපියල් බිලියන ගණනක් වටිනා දේපොළකි. ශිෂ්‍ය සංඛ්‍යාව පහත වැටීම සැලකිල්ලට ගෙන යම් හෙයකින් මේ පාසල වසා දැමුවහොත් 1963 වසරේදී පාසල් රජයට පවරා ගැනීමේදී ඇති කරගත් එකඟතා අනුව මෙම භූමිය නැවතත් පාසල වෙනුවෙන් මෙය පරිත්‍යාග කළ තැනැත්තන්ට ආපසු ලබා දිය යුතුයි. කෙසේ වෙතත් මෙම පාසලේ සම්පත්වලින් කොටසක් ජයවර්ධනපුර කලාපයේ තවත් යාබද පාසලක් වන නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයට ලබා දීමට ශ්‍රී ජයවර්ධන පුර කලාප අධ්‍යාපන කාර්යාලය කටයුතු සූදානම් කර තිබේ. දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විදුහල්පතිනයගේ ද අවසරය නොමැතිව පසුගිය දා පාසලට ඇතුළු වන්නේ, මෙවන් රුපියල් බිලියන ගණනක් වටිනා දේපොළක් වෙතයි.
? තුරු වියනකින් වැසුණු නුගේගොඩ විජයරාම මහා විද්‍යාලයේ ඉතිහාසය...
පිරිසක් බලෙන් කඩා වැදුණු උඩහමුල්ල විජයාරාම විද්‍යාලයට සහ වටිනා දේපළට සිදු වන්න යන්නේ කුමක් ද?
වැඩිදුර තොරතුරු අද රාත්‍රී News1st ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න....
https://www.youtube.com/watch?v=s8y3LIFW_v8 https://www.youtube.com/watch?v=BXhT0yaUr-8