බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 08 දෙනා යළි රිමාන්ඩ්

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 08 දෙනා යළි රිමාන්ඩ්

by Staff writer 24-03-2021 | 4:54 PM

COLOMBO (News 1st) -  2016 මාර්තු 29 වැනි දා පැවති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් පොදු දේපොළක් වන රුපියල් බිලියන 36.98 ක මුදලක් සාවද්‍ය සාපරාධි චෝදනා ඇතුළු අධිචෝදනා 32 ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 08 දෙනා ලබන 30 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.

එම නඩුව අද කැඳවනු ලැබුවේ, දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න හා මොහොමඩ් ඉසඩීන් යන මහත්වරුන් හමුවේදීය. නඩුවේ 11 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇප ඉල්ලීමක් කරමින් කරුණු දක්වනු ලැබුවේ ය. විත්තිය විසින් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීම ලබන 30 වැනි දා සිදු කිරීමට නියමිත වේ.