by Staff writer 24-03-2021 | 5:45 PM
COLOMBO (News 1st) - ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීරණයට එළැඹී බවයි.
එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවල නිල නාමයන් එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර තිබේ නම්, ඒවා සංශෝධනය කිරීමට ද තීරණය කර ඇත.
මීට අමතරව එම පක්ෂවල ව්‍යවස්ථාවල ද එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බැවින් ඒ පිළිබඳව අදාළ පක්ෂ දැනුවත් කර එවැනි පක්ෂවල නිල නාම හා පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය සඳහා සාධාරණ කාලයක් ලබා දීමට ද මැතිවරණ කොමිසම තීරණය කළේ ය.
එම කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අවුරුදු 18 සම්පුර්ණ වූ තැනැත්තන්ට මාස 03 ක් වැනි කෙටි කාලයකදී ඡන්ද බලය ලබාදීම සඳහා මැතිවරණ කොමිසම ගෙනආ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් ද ඊයේ පැවති මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කළ බවය.
එම යෝජනාවට මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර පසුගිය 16 වැනි දින ජනාධිපතිතුමාගේ නියමය පරිදි රජයේ ගැසට් පත්‍රයේ ද පළ කර තිබුණි.
මැතිවරණ කොමිසම පැවසුවේ, 1985 සිට උතුරු නැගෙනහිර පැවති යුදමය වතාවරණය හේතුවෙන් යාපනය හා වන්නි මැතිවරණ කොට්ඨාසවල ජීවතුන් අතර නොමැති බවට තහවුරු වූ තැනැත්තන් පිළිබඳ තොරතුරු ලබන මස 23 වැනි දා දක්වා ප්‍රදර්ශනය කර ඔවුන් තවදුරටත් ජීවතුන් අතර සිටී නම් 2020 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත්වීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව දීමට තීරණය කළ බවය.
එබැවින් එම තැනැත්තන් පිළිබඳ තොරතුරු රජයේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනු ඇති.