
ඩුබායි සිට රැගෙන ආ මළ සිරුර කෙසෙල්වත්තේ දිනුකගේ බව DNA පරීක්ෂණයෙන් තහවුරු වෙයි
ඩුබායි සිට රැගෙන ආ මළ සිරුර කෙසෙල්වත්තේ දිනුකගේ බව DNA පරීක්ෂණයෙන් තහවුරු වෙයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පසුගිය 18 වැනි දා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එන ලද මළ සිරුර රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් හෙවත්, කෙසෙල්වත්තේ දිනුකගේ බව තහවුරු වී තිබේ.
පොලීසිය පැවසුවේ, කෙසෙල්වත්තේ දිනුකගේ ඇඟිලි සලකුණු වාර්තා සහ ඔහුගේ මවගේ DNA සාම්පල ලබාගෙන කළ විමර්ශනවලින් ඒ බව තහවුරු වූ බවයි.
පසුගිය 18 වැනි දා උදෑසන 11.25 ට පමණ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයකින් පුද්ගල මළ සිරුරක් ඩුබායි සිට රැගෙනවිත් තිබුණි.
එහි නම සටහන් වී තිබුණේ රාජපක්ෂගේ කසුන් මදුරංග නැමැති පුද්ගලයෙකුගේ බවටයි.
කෙසේවෙතත් එම මළ සිරුර අපරාධ රැසකට සම්බන්ධ, රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ බවට පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා කෙසෙල්වත්තේ දිනුකගේ මවගේ DNA සහ කෙසෙල්වත්ත පොලීසිය භාරයේ තිබූ දිනුකගේ ඇඟිලි සලකුණු සසදා බැලීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණි.
පොලීසිය සඳහන් කළේ, එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම තොරතුරු තහවුරු කර ගැනීමට හැකි වූ බවයි.
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්