31 වසරකට පසු විවෘත වූ මුලතිව් කාලගුණ කාර්යාලය

31 වසරකට පසු විවෘත වූ මුලතිව් කාලගුණ කාර්යාලය (VIDEO)

by Staff writer 23-03-2021 | 3:36 PM

COLOMBO (News 1st) : ලෝක කාලගුණ විද්‍යා දිනය අදයි.

මෙවර එහි තේමාව, සාගරය, අපේ කාලගුණය හා දේශගුණය යන්නයි. යුද කාල සීමාවේ සිට පැවතියේ අක්‍රියව පැවති මුලතිව් කාලගුණ කාර්යාලය අද විවෘත කෙරුණේ, වසර 31කට පසුවයි. දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ , කාලගුණික තොරතුරු සඳහා වැදගත්ම ස්ථානයක් වන මුලතිව් වෙරළ අසල අලුතින් ඉඳිකළ කාලගුණික දත්ත රැස් කිරීමේ කාර්යාලය අද විවෘත කෙරිණ. ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් යන මහත්වරුන් හා වන්නි යුද හමුදා ආඥාපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. . බෙංගාල බොක්කේ ඇතිවන සුළි කුණාටු පිළිබඳ දත්ත , ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානය ඉතාමත්ම වැදගත් ය.   https://www.youtube.com/watch?v=R_wZGAzLGxo