ෂ්‍රැංග්‍රිලා හෝටලය රජයට පවරාගත යුතුයි

සීනි සහ පොල්තෙල් පාඩුව වෙනුවෙන් ෂ්‍රැංග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතුයි - විජේදාස රාජපක්ෂ

by Staff writer 23-03-2021 | 7:20 PM

COLOMBO (News 1st) - සීනි සහ පොල් තෙල් වලින් ජනතාවට කළ විශාල පාඩුව වෙනුවෙන් ෂැංග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට පවසා තිබේ.

විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය මෙසේය. උපුටා ගැනීම -
ආණ්ඩුවට ඒ සම්බන්ධව චෝදනාවක් තියෙනවනේ. ආණ්ඩුව පිළිගන්නවනේ. ඒක සද්භාවයෙන් කළා ද? නැද් ද? කියන එක ගැනනේ ආණ්ඩුව කියන්නේ. නමුත් ජනතාවට ඒක අදාළ නෑනේ. මම ජනාධිපති නම් මම පාර්ලිමේන්තුවට වගන්ති දෙක තුනක පනතක් ගේනවා ගෙනත් කියනවා මේකේ කරුණු සොයා බලලා මේ සිදු වෙලා තියෙන වංචාව ඇත්තනම් සති දෙකක් ඇතුළත ෂ්‍රැංග්‍රිලා හෝටලය රජයට පවරා ගන්න කියලා. සීනි සහ පොල්තෙල් වෙනුවෙන් ජනතාවට කරපු විශාල පාඩුව වෙනුවෙන් ෂ්‍රැංග්‍රිලා හෝටලය රජයට පවරාගත යුතුයි. මේ ආණ්ඩුව ඒක කරන්න ඕනේ. නැත්නම් මේ අලාභය කවු ද ගෙවන්නේ? මුදල් ඇමතිගේ බූදලයෙන්ද ගෙවන්නේ? එහෙම නැත්නම් අමාත්‍යාංශයේ ලේකම්ගේ සාක්කුවෙන්ද ගෙවන්නේ? මේකට තිබෙන එකම විසඳුම සති දෙකක් ඇතුළත ෂ්‍රැංග්‍රිලා හෝටලට රජයට පවරාගෙන ජනසතු කරන එක.
උපුටා ගැනීම අවසන් -