සිංහරාජ වැව් කතාවට ඇමති චමල්ගෙන් පිළිතුරු

සිංහරාජ වැව් කතාවට ඇමති චමල්ගෙන් පිළිතුරු

by Staff writer 23-03-2021 | 3:31 PM

COLOMBO (News 1st) : ලෝක උරුම සිංහරාජ රක්ෂිත භුමිය ආශ්‍රිතව වැව් 2ක් ඉදිකිරීම සම්බන්ධයෙන් වාරි මාර්ග අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය ගැන අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කළේ ය.

වතුර දීම යහපත් ක්‍රියාවත් වුවත් ඒ සඳහා සිංහරාජය තෝරා ගත්තේ කුමන හේතුවක් නිසා දැයි, සමගි ජන බලවේග මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසා සිටියේ ය. ඊට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය.
''අවුරුදු 90ක ඉදලා මේ සැලැස්ම තියනවා. ගිං නිල්වලා හරහා වතුර දෙන්න. විවිධ රජයන් මේ සැලැස්ම යට කළා. අපේ රජය උත්සහ කරනවා යුනෙස්කෝ එකෙනුත් අහලා මේ වැව් හදන්න පුළුවන්ද කියලා. මම මේක කිව්වම මාධ්‍ය ඒක වාර්තා කළේ හරියට සිංහරාජ මුදුනේ වැව් හදනවා වගේ. මම ඉල්ලීමක් කරනවා මාධ්‍ය මේවා වාර්තා කරනකොට වගකීමෙන් කරන්න කියලා'' https://studio.youtube.com/video/NCEV49tz8rM/edit