ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව:සැසිය ඇරඹේ..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව UNHRC වෙත ඉදිරිපත් කරන සැසිය ඇරඹේ..

by Staff writer 23-03-2021 | 4:12 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව ඉදිරිපත් කෙරෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHRC) සැසිය දැන් ආරම්භ විය.

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ මධ්‍යගත කණ්ඩායම මෙම යෝජනාව කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමට නියමිතය. 46 /1 යෝජනාව ලෙස මෙය නම් කර තිබේ. 2012 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලියට අදාළව කවුන්සිලයට ඉදිරිපත් වන 6 වැනි යෝජනාව මෙයයි.