ව්‍යාජ ශරීර ආලේපන තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ව්‍යාජ ශරීර ආලේපන තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

by Staff writer 23-03-2021 | 3:58 PM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමින් යුත් ජාත්‍යන්තර වෙළෙඳනාම යටතේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ශරීර ආලේපන තොගයක් සහ ඇඟ ගල්වන දියර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, ලද තොරතුරක් අනුව අද දහවල් බොරැල්ල ප්‍රදේශයේදී එම වැටලීම සිදු කළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.