කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වෙයි

UPDATE : කොටුගොඩ ධම්මාවාස මහ නා හිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා

by Staff writer 22-03-2021 | 7:07 AM

COLOMBO (News 1st) - අපවත්වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේ ශ්‍රී දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වන වීට තීරණය කර ඇති බවයි. අපවත්වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අපවත්වන විට 88 වැනි වියේ පසුවූහ. මෙරට සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා අපරිමිත සේවයක් ඉටු කළ උන් වහන්සේ ගලකිස්ස ධර්මපාලාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධීශ්වර ,ධර්මපාල වංශාලංකාර, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රීපිටක විශාරද , ප්‍රවචන කීර්ති ශ්‍රී, ශාසන ශෝභන ඇතුළු ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබූ උත්තරීතර හිමිණමක් වෙති.