COLOMBO (News 1st) : කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණු දිනයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගයි-බ්‍රයිස් පර්ෆයිට් කොලෙලාස් නම් අදාළ ජනපතිවරණ අපේක්ෂකයා කොරෝනා ආසාදිතව එලෙස මිය ගොස් ඇති බවයි.
දියවැඩියා රෝගියෙකු ද වූ කොලෙලාස් මියගොස් ඇත්තේ, ප්‍රතිකාර සඳහා ගුවනිින් ප්‍රංශයට රැගෙන යමින් සිටියදී ය.
ජීවිතක්ෂයට පත්වීමට පැය කිහිපයකට පෙර 61 හැවිරිදි කොලෙලාස් රෝහලේ ඇඳේ සිට සාමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඡන්දය භාවිත කරන ලෙස සිය ඡන්දදායකයින් දිරි ගැන්වී ය.
''මගේ ආදරණීය සගයනි, මා තත්ත්වය යහපත් නොවේ.. මා මරණයත් සමග සටන් කරනවා. කෙසේ වෙතත්, මා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ වෙනසක් සඳහා ඔබගේ ඡන්දය භාවිත කරන්න...''
එරට මැතිවරණ නීතිය අනුව එක් ඡන්ද අපේක්ෂකයෙකු ජීවිතක්ෂයටපත් වුව ද ඡන්ද විමසීම අවලංගු නොකෙරේ.
වත්මන් ජනාධිපති 77 හැවිරිදි සාසු නිගේසෝට එරෙහිව මෙවර ජනපතිවරණ ඡන්ද විමසීම සඳහා කොලෙලාස් ද ඇතුළුව අපේක්ෂකයෝ 6ක් තරග වැද සිටියහ.
කොලෙලාස්ට පසුගිය සිකුරාදා සිය අවසන් මැතිවරණ ව්‍යාපාරයට ද සහභාගීවීමට නොහැකි වූ අතර ඔහු ඒ වනවිටත් බ්රසාවිල්හි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේ ය.
පසුගිය සෙනසුරාදා වන විට ආසාද්‍ය තත්ත්වයනේ පසු වූ කොලෙලාස් ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවති ඊයේ (21) ජීවිතක්ෂයට පත්ව ඇත.
කොංගෝ රාජ්‍යයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 9,000 දෙනෙකු වාර්තාවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 130 කි.