ධාවනයේ යෙදෙන ගෙවුණු ටයර් සහිත වාහන සොයා දිවයින පුරා මෙහෙයුම්

by Sagarika Chathumali 22-03-2021 | 12:19 PM

COLOMBO (News 1st) : අද සිට දින 3 ක් දිවයින පුරා ගෙවී ගිය ටයර් සහිත වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, දෝෂ මෙන්ම ගෙවී ගිය ටයර භාවිත කිරීම ද දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට එක් හේතුවක් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, රියැදුරන්ගේ නෙැසලකිල්ල, අපරීක්ෂාකාරීබව, බීමත්ව රිය පැදවීම යන කරුණු ද රිය අනතුරුවලට හේතු වී ඇති බවයි. පසුගිය පැය 24 තුළ රිය අනතුරුවලින් ජීවිත 8ක් මහමගට බිලි වී ඇති බවත් දෛනිකව පුද්ගලයින් 9 - 10 ත් අතර සංඛ්‍යාවක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. මේ අතර පොලීසියට අනුව දෛනිකව රිය අනතුරුවලින් තුවාල ලබන පුද්ගලයින් සංඛ්‍යාව 30 - 40 කි. https://www.youtube.com/watch?v=Az0SmSzkLSc