COPE : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යළි කැඳවීමක්..

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යළි කැඳවීමක්..

by Staff writer 22-03-2021 | 4:03 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන අප්‍රේල් 06 වැනිදා යළි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

පාර්ලිමේන්තුව නිවේදනය කළේ, පසුගිය පෙබරවාරි මස 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ බවයි. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණීම නිසා රැස්වීම අතරමගදී අත්හිටුවා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවට මේ මස හා ලබන මසදී රාජ්‍ය ආයතන 07 ක් කැඳවා තිබේ .