by Staff writer 21-03-2021 | 10:30 AM
COLOMBO (News 1st) – කුරුණෑගල නගරයේ හෝටලයක් තුළ ඇති වූ ආරවුලක් අතරතුර වීදුරු බෝතලයකින් කළ පහරදීමකින් එම හෝටලයේ සේවකයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ , 58 හැවිරිදි දේවහූව, ගලේවෙල පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති බවයි.
හෝටලයට පැමිණි පුද්ගලයකු එහි සේවකයින් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එහිදී ඔහු කළ පහරදීමෙන් තවත් සේවකයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය .