by Staff writer 21-03-2021 | 12:29 PM
COLOMBO ( News 1st ) – පුස්සැල්ලාව නගරයේදී සැක කටයුතු ලෙස අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් පතරොම් එකක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ , මෝටර් රථයේ තිබී ගෝන මස් කිලෝග්‍රෑම් 60ක් ද සොයාගත් බවයි.
සැකකරුවන් රාගල, නුවරඑළිය හා රම්බොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් අද ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.