by Staff writer 21-03-2021 | 4:15 PM
COLOMBO (News 1st) - පස්සරදී අනතුරට පත් බස් රථයේ රියැදුරු සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියේ රියැදුරු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඔවුන් ලබන 25 වැනිදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ඊයේ පස්සරදී ප්‍රපාතයට පෙරළීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගියේය.