V-Force බලකාය පැළ සිටුවන්න අද සිංහරාජයට

සිංහරාජය රැක ගැනීමට V-Force බලකායෙන් පැළ සිටුවීමේ ක්‍රියාන්විතයක්

by Staff writer 20-03-2021 | 7:36 AM

COLOMBO (News 1st) - අපට හුස්ම දෙන පරිසරය වෙනුවෙන් කැපවුණු ස්වේච්ඡා සේවකයින් සිංහරාජය රැක ගැනීමට අද පෙරමුණ ගනී.

ඒ අනුව, කඩමුදුන, සූරියකන්ද සිංහරාජ ආරණ්‍යය සේනාසනයේදී අපගේ V-Force බලකාය මෙවර පරිසරය වෙනුවෙන් ගසක් දායා ද කරන්නට සූදානම් ය. මේ සඳහා පරිසරයට ලැදි ස්වභාව දහමට ආදරය කරන විශාල පිරිසක් අප සමග අත්වැල් බැඳගෙන සිටී. V-Force ස්වේච්චා බලකායේ සාමාජිකයින්, පරිසර සංවිධාන ඇතුළු වෙනත් ස්වේච්ඡා සංවිධාන රැසක් හා රාජ්‍ය ආයතන රැසක් අත්වැල් බැඳගෙන සිටිනු ඇති. මීට පෙර V-Force කණ්ඩායම ඇල්ල සහ කළු ගඟ දෙපස පැළ සිටුවා පරිසරය රැක ගැනීමට සිය මාහැඟි දායකත්වය ලබා දී තිබේ. හුස්ම දෙන ගහ කොළට හුස්ම දෙන්නට ඉදිරියේදි පරිසර හිතකාමීන් සමග රට පුරාම අප තවදුරටත් මෙවන් ව්‍යාපෘති දියත් කිරීමට නියමිතය.