by Staff writer 20-03-2021 | 2:15 PM
News 1st - ගංවතුර අවදානමක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.
විදෙස් වාර්තා අනාවරණ කළේ, ගංවතුරින් බලපෑම් එල්ල වී ඇති නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පහත් බිම්වල සිටින ජනතාව එලෙස ඉවත් කර ඇති බවයි.
ගංවතුර හමුවේ ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග ද වසා දමා තිබේ.
ඕස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් සඳහන් කළේ, ඉදිරි දිනවලදී මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බවයි.