එන්නත ගත් ඉම්රාන් ඛාන්ට කොරෝනා

එන්නත ගත් ඉම්රාන් ඛාන්ට කොරෝනා

by Chathurika Jayasundara 20-03-2021 | 4:24 PM

COLOMBO (News 1st) – පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ( Imran Khan ) කොරෝනා වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ , අගමැති ඉම්රාන් ඛාන් මීට දින 2 කට පෙර කොරෝනා මර්දන එන්නත ලබාගෙන ඇති පසුබිමකදී ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ විශේෂ නිලධාරියා වන Faisal Sultan සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳව සඳහන් කර ඇති බවත් , මේ වනවිට අගමැති ඛාන් සිය නිවසේ හුදෙකලාව සිටින බවත් ය. 68 හැවිරිදි ඉම්රාන් ඛාන් මෑතකදී ඉස්ලාමාබාද්හි (Islamabad)පැවති ආරක්ෂක සමුළුවකට සහභාගී වී ඇති බවත් නිතිපතා රැස්වීම් පවත්වා ඇති බවත් වාර්තා වේ. මුව ආවරණයකින් තොරව එම සමුළුව ආමන්ත්‍රණය කර ඇති අතර , අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (19) දිළිඳු ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා රැස්වීමකට සහභාගී වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.