පැරෂුට් පුහුණුවකදී ගුවන් හමුදා භටයෙකු මරුට

අම්පාරේ පැරෂුට් පුහුණුවකදී ගුවන් හමුදා භටයෙකු මරුට

by Staff writer 20-03-2021 | 11:38 AM

COLOMBO (News 1st) - අම්පාර, උහන ප්‍රදේශයේ පැරෂුට් පුහුණුවකදී සිදු වූ අනතුරකින් ගුවන් හමුදා භටයෙකු මිය ගොස් තිබේ.

ගුවන් හමුදාව පැවසුවේ, අඩි 3500 ක ඉහළ අහසේ සිට සිදු කළ පැරෂුට් පුහුණුවකදී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා බලඝණ නායකයෙකු වන අතර සැරයන්වරයෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු ගුවන් හමුදා සැරයන්වරයා මේ වනවිට අම්පාර රෝහලට ඇතුළත් කර ඇත.