by Staff writer 20-03-2021 | 8:13 AM
COLOMBO (News 1st) - චීනයේ නිෂ්පාදිත Sinopharm කොරෝනා මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරිය විශේෂ අනුමැතිය ලබා දී තිබේ.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, ඊයේ පැවැති සාකච්ඡාවකදී තීරණයට එළැඹි බවයි.
පරිත්‍යාගයක් ලෙස චීනයෙන් Sinopharm මාත්‍රා ලක්ෂ 6 ක් මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.