ගෙවුණු දිනයේ තවත් කොරෝනා මරණ 06ක්

ගෙවුණු දිනයේ තවත් කොරෝනා මරණ 06ක්

by Staff writer 20-03-2021 | 7:25 AM

COLOMBO (News 1st) - තවත් කොරෝනා අසාදිතයින් 06 දෙනෙකු ඊයේ(19) මිය ගොස් තිබේ.

ඒ අනුව, මෙරට කොරෝනා අසාදිතව මිය ගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 544 කි. තවත් කොරෝනා අසාදිතයින් 298 දෙනෙකු ඊයේ (19) වාර්තා විය. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 89,497ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 86,227 කි. මේ අතර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එළැඹෙන අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන ලෙසය. මෙරට පුද්ගලයින් අට ලක්ෂ පහලොස් දහස් පන්සිය අසූ පස් දෙනෙකුට මේ වනවිට කොරෝනා එන්නත ලබා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඊයේ දිනය තුළදී පමණක් 9,136 දෙනෙකුට එම එන්නත ලබා දුන් බවය.