by Chathuranga Rajapaksha 19-03-2021 | 10:20 PM
COLOMBO (News 1st) – Road Safety T20 තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ටී.එම්.ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද සමත් විය.
ඒ, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති අවසන් පූර්ව තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමත් සමගිනි.
ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලබන 21 වැනිදා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.
අද තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 125ක් ලබා ගත්තේය.
නුවන් කුලසේකර කඩුලු 5ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 17යි පන්දු 2ක් අවසානයේදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.