COLOMBO (News 1st) : ටැන්සානියාවේ උප ජනාධිපතිනි සමියා සුලූහු හසන් අද එරට පළමු කාන්තා ජනපතිනිය ලෙස ධුරයේ දිවුරුම් දී දුන්නා ය.
ඒ හිටපු ජනපති ජෝන් මැගෆුලිගේ හදිසි වියෝවෙන් පසු උප ජනපතිනියට ධුරයේ ඉතිරි කාලය සඳහා ජනපති ලෙස පත්වීමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදනයන්ට අනුකුලවයි.
ඩාර් එස් සලාම්හි පිහිටි රාජ්‍ය මන්දිරයේදී දිවුරුද් දුන් 61 හැවිරිදි හසන් ඉදිරියේදී ජාතිය ඇමතීමට නියමිතව ඇත.
සති දෙකකට වැඩි කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි ජනපති මැගෆුලි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බව උප ජනපතිනිය ඊයේ නිවේදනය කළා ය.
පෙබරවාරි අගභාගයේ සිට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර එම අවස්ථාවේ ජනාධිපතිවරයා රෝගාතුරව ඇති බවට අරංචි පැතිර ගිය ද ටැන්සානියා බලධාරීහු කටකතා බව පවසමින් ඒවා ප්‍රතික්ෂේප කළහ.
කෙසේ වෙතත් ඊයේ උප ජනපතිනිය ඊයේ ප්‍රකාශයට පත් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත් වූ බවයි.
සබැඳි පුවත්...