ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක්..

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක්..

by Staff writer 19-03-2021 | 4:04 PM

COLOMBO (News 1st) – දිවයිනේ ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක් පමණ පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීමට නැවත විභාගයක් පැවැත්වෙන බවයි. පෙර පැවති ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල මත නැවත බඳවා ගැනීම් සිදු නොකරන ලෙසට රාජ්‍ය සේවා කොමිසම දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා පැවසුවේ, ඒ අනුව කඩිනමින් විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.