ආණ්ඩුව ගැන හරි මතවාදය ජනතාව අතරට ගෙන යා යුතුයි

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන හරි මතවාදය ජනතාව අතරට ගෙන යා යුතුයි - ජනපති අවධාරණය කරයි

by Staff writer 19-03-2021 | 7:07 AM

COLOMBO (News 1st) - අණ්ඩුවේ ක්‍රියාදාමය පිළිබඳ ජනතාව අනවබෝධයෙන් වැරදි මතයකට ගියොහොත් සිදු කරගෙන යන ප්‍රතිපත්ති මාලාව කඩා වැටෙනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවක් අමතමිනි.