මත්ද්‍රව්‍ය ආරවුලක්: 41 හැවිරිදි පුද්ගලයෙකු අතින් 19 හැවිරිදි තරුණයෙක් මරුට..

මත්ද්‍රව්‍ය ආරවුලක්: 41 හැවිරිදි පුද්ගලයෙකු අතින් 19 හැවිරිදි තරුණයෙක් මරුට..

මත්ද්‍රව්‍ය ආරවුලක්: 41 හැවිරිදි පුද්ගලයෙකු අතින් 19 හැවිරිදි තරුණයෙක් මරුට..

කර්තෘ Hashini De Mel

19 Mar, 2021 | 9:06 am

COLOMBO (News 1st) – කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී 19 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බවයි.

සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 41 වැනි වියේ පසුවේ.

ආරවුල හේතුවෙන් සැකකරු ද සුළු තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ⁣පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]