English
தமிழ்
කර්තෘ Staff writer
19 Mar, 2021 | 7:16 am
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවත්, බංග්ලාදේශ ජනරජයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන් මහතාගේ ඡන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවනු ඇති.
සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ බංග්ලාදේශ මහ බැංකුවේ අධිපතිවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මීට අමතරව කෘෂි කාර්මික, වෙළෙඳ හා ආයෝජන, ආරක්ෂක සමුද්‍රීය සබඳතා, අධ්‍යාපනය, සෞඛ්‍ය හා සංචාරක ඇතුළු විවිධ අංශ සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.
සංචාරය අතර කෘෂිකර්මාන්තය, කාර්මික, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සංස්කෘතික සහයෝගිතාව වැනි විවිධ අංශයන්ට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.
1971 දී වෙනම රාජ්‍යයක් බවට පත් වූ බංග්ලාදේශය ඊට පසු වර්ෂයේ සිටම ශ්‍රී ලංකාව සමග විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා – බංග්ලාදේශ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ලබන වර්ෂයේදී වසර 50 ක් සපිරෙනු ඇති.
04 Feb, 2022 | 08:04 AM
07 Jun, 2021 | 09:55 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS