by Staff writer 18-03-2021 | 5:51 PM
COLOMBO (News 1st) : දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද දහවල් අත්හිටුවනු ලැබුව ද සවස් කාලයේ දුම්රිය ධාවනය ද සාමාන්‍ය පරිදි සිදු නොවුණි.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ , රියැදුරන් සහ නියාමකයින් සේවයට වාර්තා කිරීම් අනුව සවස් කාලයේ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කිරීමට පියවර ගත් බවයි.
ඇතැම් දුම්රිය ගමනාන්තවලට ගොස් යළි කොළඹට ළඟා නොවීම හේතුවෙන් එම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ , රැකියා සඳහා කොළඹට පැමිණි ජනතාව යළි නිවෙස්කරා යාමේ අරමුණින් දුම්රියක් පැමිණෙන තුරු මේ වනවිටත් කොටුව දුම්රිය රැඳී සිටින බවයි.
දුම්රිය නොමැතිවීම හේතුවෙන් උදෑසන මෙන්ම පස්වරුවේදී මගීන් දැඩි පීඩාවට පත්විය.