by Staff writer 18-03-2021 | 3:23 PM
COLOMBO (News 1st) : මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් 13,800 ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි.
එහි සභාපති ආචාර්ය ජටාල් මාන්නම්පෙරුම මහතා සඳහන් කළේ , වැඩිම වි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවයි.
එම ප්‍රමාණය වී මෙට්‍රික් ටොන් 3847 කි.
රුපියල් 55 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීම් සිදු කෙරේ.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, ලබන මස 07 වැනිදා දක්වා වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයක් දිවයිනේ දිස්ත්‍රික්ක 6 ක ක්‍රියාත්මක බවයි.
අනුරාධපුර, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව , හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එම වැඩසටහන ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පැවසුවේ ය .
මාස දෙකක් තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයේ අපේක්ෂාවයි.