by Staff writer 18-03-2021 | 5:24 PM
COLOMBO (News 1st) : සබරගමුව, දකුණ, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.