home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
පරිසර නීති උල්ලංඝණය කරන්නන් සොයා STF මෙහෙයුම්...
by Sagarika Chathumali
18-03-2021 | 11:47 AM
COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශ කිහිපයකදී පරිසර නීති උල්ලංඝණය කිරීම්වලට අදාළ වැටලීම් සිදු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය බද්දේගම, කිඹිල්ල රක්ෂිත ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතයක අනවසරයෙන් දැව කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර ගස් කැපීමට යොදා ගත් යන්ත්‍රයක් ඇතුළු දැව කඳන් 30කට වැඩි සංඛ්‍යාවක් ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. මීට අමතරව කැබිතිගොල්ලෑව, දුටුවැව රක්ෂිතයේ අක්කර එක හමාරක් පමණ එළි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු බැකෝ යන්ත්‍රයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කැබිතිගොල්ලෑව පොලීසියට භාර දී තිබේ. තව ද කතරගම, දබේ ප්‍රදේශයේ අනවරසයෙන් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයෙකු , වැලි ගොඩ දැමීමට යොදා ගන්නා යන්ත්‍රයක් ද සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. මේ අතර වනාන්තර එළි කිරීම, පරිසර දූෂණය වැලි ගොඩදැමීම , ජලය අපවිත්‍රවන ආකාරයේ සිදු කිරීම ආදි පරිසරයට හානි කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය නිරන්තර අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය .
වෙනත් ලිපි
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය