සංකේත වැඩ වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධා...

දුම්රිය ⁣එන්ජින් රියැදුරන් සහ නියාමකයින් සංකේත වැඩ වර්ජනයක...

by Staff writer 18-03-2021 | 6:22 AM

COLOMBO (News 1st) - දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහි ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවය. වැඩ වර්ජනය හේතුවෙන් දෛනිකව උදෑසන කාලයේදී ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් අද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි. මේ අතර වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ජාවක් අද පැවැත්වේ. ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, සිය අමාත්‍යාංශයේදී අද මෙම සාකච්ජාව පැවැත්වෙන බවය.