by Staff writer 18-03-2021 | 12:40 PM
COLOMBO (News 1st) : දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු දුම්රිය බලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැවති දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන කාලයේදී දුම්රිය ධාවනයට බාධා එල්ලවිය.
වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස් . ගුණසිංහ මහතා සඳහන් කළේ ,දෛනිකව උදෑසන කාලයේදී දුම්රිය ගමන්වාර 48 ක් පමණ ධාවනය කෙරෙන බවයි.
එහෙත්, වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ධාවනයවූ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 15 කි.
සාමන්‍ය පරිදි දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් , මගී ජනතාව අද පෙරවරුවේ දැඩි දුෂ්කරතාවට පත් විය.
වැඩවර්ජනය ක්‍රියාත්මකවුයේ , දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහි ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.