by Chathurika Jayasundara 18-03-2021 | 4:33 PM
COLOMBO (News 1st) – අද අලුයම මෙරටට ඩුබායි සිට දේහයක් රැගෙන විත් ඇති අතර එය අත්‍යවශ්‍ය සැකකරුවෙකු වූ කෙසෙල්වත්තේ දිනුක නොහොත් දිනුක මධුෂාන්ගේ දැයි සොයා ගැනීමට DNA පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ , දිනුක මධුෂාන්ගෙන් මීට පෙර කෙසෙල්වත්ත පොලිසිය ලබා ගත් ඇඟිලි සළකුණු ඇති බවත් , එම ඇඟිලි සළකුණු මෘත ශරීරයේ ඇඟිලි සළකුණු සැසඳීමට නියමිත බවයි.
අදාළ ප්‍රතිඵල නිකුත්වන තෙක් මෘත ශරීරය මීගමුව මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.