අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවෙන් නෙරපයි ද?

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවෙන් ශ්‍රී ලංකාවට නෙරපයි ද? - නීතිපති වාර්තා අධ්‍යනයක

by Staff writer 18-03-2021 | 12:02 PM

COLOMBO (News 1st) - පළමු මහ බැංකු බැඳුම්කර වංචාවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පනය කර ගැනීම සඳහා මෙරට නීතිපතිවරයා විසින් තෙවැනි වරටත් යවන ලද ලේඛන හා පැහැදිලි කිරීම් සිංගප්පූරු නීතිපතිවරයා විසින් සලකා බලමින් පවතින බවට වාර්තා වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අද කොළඹ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී තිබේ.

නඩුව අද කැඳවනු ලැබුවේ, චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත හා නාමල් බලල්ලේ යන විනිසුරු මඩුල්ල හමුවේදී ය. නඩුවේ 10 වැනි විත්තිකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අජහාන් ගාර්දිය පුංචිහේවා මහතා අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හා මැලෙසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මැලේසියා රජයේ බලධාරීන් වෙත සිතාසි යැවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කළ අධිචෝදනා පත්‍රයට තවත් එක් අධිචෝදනාවක් එක් කර සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය දැනුම් දුන්නේ ය. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් හා අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා ගත් පියවරවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීම සඳහා නඩුව ලබන මැයි 05 වැනි දා යළි කැඳවීට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.